ගෲප් කපිතාන් නිශාන්ත ධර්මදාස බොක්සිං තීරක සහ විනිසුරු මඩුල්ලට

ප්‍රවීන ජාත්‍යන්තර බොක්සිං විනිසුරු ගෲප් කපිතාන් නිශාන්ත ධර්මදාස මහතා සිංගප්පූරුවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොක්සිං තරගාවලියේ තීරකවරයකු සහ විනිසුරුවරයකු වශයෙන් කටයුතු කිරීමෙ අවස්ථාව හිමිව තිබේ. මෙම ක්‍රීඩා උළෙල මෙම මස 14 සිට 26 දක්වා පැවැත්වේ.

ගෲප් කපිතාන් නිශාන්ත ධර්මදාස මහතා පසුගිය සතියේ ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පැවති ශාන්තිකර කලාපීය බොක්සිං තරගාවලියේ ද තීරකවරයකු සහ විනිසුරු වරයකු වශයෙන් කටයුතු කර ඇත. පසුගිය මාර්තු මස ඉන්දියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ ඊට පෙර ඉතාලියේ මිලාන් නුවර පැවති ලෝක බොක්සිං තරගාවලියේ ද විනිසුරු වරයකු වශයෙන් කටයුතු කර ඇත.

දැන්ට බොක්සිං විනිසුරුවන් ශ්‍රේණිගත කිරීමෙ ඉහලම ශ්‍රේණිය වන තරු 3 (3 Star) බොක්සිං විනිසුරුවරයකු වන ඔහු ශ්‍රී ලංකාවේ මුල්ම හා එකම තරු 3 විනිසුරු වරයාද වේ.

දැනට ශ්‍රී ලංකා බොක්සිං විනිසුරු සංගමයේ ලේකම් ධුරය හොබවන ගෲප් කපිතාන් නිශාන්ත ධර්මදාස ම්හතා ගුවන් හමුදාවේ කොළඹ කදවුරේ අණදෙන නිලධාරීතුමා වශයෙන් කටයුතු කරයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.