බීච් කිංග් ගුවන් යානයේ නව තාක්ෂණික උපාංගයක් ඇමරිකා එක්සත් ජනපදයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට

රටවල් අතර බැඳීම් වර්ධනය කරමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් අධිතාක්ෂණික උපක්‍‍්‍රමයක් වූ ”රියල් ටයිම් ඬේටා ලින්ක්” නම් සේවාව ඊයේ (20) සවස රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිහිටි අංක 08 සැහැල්ලූ ගුවන් යානා බලඝණයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට බාර දෙන ලදී.

මෙම අවස්ථාවට සහභාගී වූ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී හා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා පැවසුවේ මෙමගින් රටවල් අතර සම්බන්ධතාවය වැඩිවන බවත් මෙම දියුණු තාක්ෂණ ක්‍‍්‍රමය මගින් ගුවනේ සිට සිදු කරන නිරීක්ෂණ කටයුතු නිවැරදිව හා පහසුවෙන් කර ගැනීමට හැකිවන බවත්ය. ඇමරිකානු කණ්ඩායමේ ප‍්‍රධානියා වූ  වැලරි ෆව්ල මහත්මිය ප‍්‍රධාන අරාධිත අමුත්තා ලෙස සහභාගී වු අතර වර්ථමාන ඇමරිකානු ගුවන් ආරක්‍ෂක ප‍්‍රධානී මේජර් ජෙනරාල් වොන්ග් ඇතුළු තවත් නියෝජිතයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහිදී මේජර් ජෙනරාල් වොන්ග් විසින් මෙම තාක්ෂණය ගිනි ගැනීම්, ගංවතුර, නායයෑම් වැනි ස්වභාවික අපදාවන් වලදී ප‍්‍රයෝජනයට ගන්නා ආකාරය පැමිණි සිටි පිරිසට පැහැදිලි කිරීමක්ද සිදුකරන ලදී. මෙම සජීවී රූපරාම ගැනීමේ ක‍‍්‍රමය භාවිතා කොට හදිසි අවස්ථාවන් වල ඉක්මන් සහ කාර්යක්ෂමව කටයුතු කිරිම මගින් සිදුවිය හැකි විපත් අවම කරගැනීමට හැකියාවක් ලැබේ.

මෙම අවස්ථාවේදී ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී හා ගුවන් හමුදාධිපති තුමන් විසින් ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූ වැලරි ෆව්ල මහත්මිය හට විශේෂ සමරු සිහිවටනයක්ද පිරිනමන ලදී.

මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීහු ඇතුළු ගුවන් හමුදා නිළධාරීහු රැසක්ද සේවා පුද්ගලයින් විශාල පිරිසක්ද සහභාගී වූහ..




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.