ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ප‍්‍රදර්ශනය හා සැණකෙලිය

දේශයේ ආරක්‍ෂාව වෙනුවෙන් නිබඳව පෙරට එමින් සුරකිමු ලකඹර යන උතුම් තේමාවේ පරිසමාප්ත අර්ථයෙන් ක‍්‍රියාකළ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ,සන්හිදියාවෙන් සපිරි රටක ගුවන් හමුදා මෙහෙවර, ඇගයිම සදහා සංවිධානය කරනු ලබන ගුවන් හමුදා ප‍්‍රදර්ශනය හා සැණකෙලිය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් වවිනියාව ගුවන් හමුදා මුලික කදවුරු පරිශ‍්‍රයේදි අභිමානවත් අයුරින් විවෘත විය.

මෙම ප‍්‍රදර්ශණයේදී ගුවන් හමුදාවේ ආරම්භයේ සිට මේ දක්වා විකාශණය හා එදා මෙදා තුර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රටටත් ජනතාවටත් සිදුකළ ඉමහත් කාර්යභාර්ය මෙන්ම සේවාවන්, ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ ක‍්‍රියාකාරකම් ඇතුලත් සජීවී සංදර්ශණ, පැරෂුට් සංදර්ශන, ගුවන් සුනඛ සංදර්ශන, සරඹ සහ තූර්ය වාදන සංදර්ශන, වෙළඳ කුටි සහ රාත‍්‍රි සංගීත සංදර්ශණ ඇතුළු අංගයන් රැසක් ඉදිරිපත් කොට ඇති අතර මෙම ප‍්‍රදර්ශනය හා සැණකෙලිය සැප්තැම්බර් මස 01 දින සිට 03 වන දින දක්වා පෙරවරු 1000 සිට මහජනතාව වෙනුවෙන් විවෘතව පවති .

මෙම ප‍්‍රදර්ශනය හා සැණකෙලිය විවෘත කිරීමේ අවස්ථාවට  ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු ගුවන් හමුදා අධක්ෂ්‍යය මණ්ඩලයේ නිළධාරින් මෙන්ම වවිනියාව ගුවන් හමුදා මුලික කදවුරු අණදෙන නිළධාරි එයාර් කොමොඩර් ඞ් ජේ සි විරකෝන් ඇතුළු ගුවන් හමුදා නිළධාරින් සෙසු නිළයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.  


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.