ගුවන් හමුදාව සහ නාවික හමුදාව අන්තර් සේවා පැසි පන්දු තරඟාවලියේ කාන්තා සහ පිරිමි ශූරතා දිනයි

2010 අන්තර් සේවා තරඟාවළියේ පැසිපන්දු තරඟයේ කාන්තා ශූරතාවය ගුවන් හමුදාවට හා පිරිමි ශූරතාවය නාවික හමුදාවට හමුදාවට හිමි කර දෙමින් ඊයේ (20) සවස නිමාවට පත්විය.

කොළඹ පොලිස් පැසිපන්දු පිටියේදී පැවැත්වුනු මෙම අවසන් තරඟයන්හි  කාන්තා අනු ශූරතාවය නාවික හමුදාවටත් පිරිමි අනු ශූරතාවය යුධ හමුදාවටත් හිමිවිය.

පිරිමි අවසන් තරඟයේ ශූරතාවය නාවික හමුදාව විසින් හිමි කර ගන්නා ලද්දේ 78 - 65 ක් ලෙස යුධ හමුදා කණ්ඩායම පරදවමිනි. එහිදී හොඳම ආරක්‍ෂකයා ලෙස යුධ හමුදාවේ සෙබල පෙරේරා කේ.කේ.එස්. සහ හොඳම ප‍්‍රති ආක‍්‍රමණ ක‍්‍රීඩකයා ලෙස නාවික හමුදාවේ  ලූතිනන්  ඇන්තනි සවුන්දරාජ් සම්මාන හිමි කර ගන්නා ලදී.

කාන්තා අවසන් තරඟයේ ශූරතාවය ගුවන් හමුදාව විසින් හිමි කර ගන්නා ලද්දේ 32 - 20 ක් ලෙස නාවික හමුදා කණ්ඩායම පරදවමිනි. එහිදී හොඳම ආරක්‍ෂිකාව ලෙස  නායක ගුවන් කාන්තා දොඩන්ගොඩ සී.කේ. සහ හොඳම ප‍්‍රති ආක‍්‍රමණ ක‍්‍රීඩිකාව ලෙස නායක ගුවන් කාන්තා අමරසිංහ වි.ඞී.එල්. සම්මාන හිමි කර ගන්නා ලදී.

මෙම අවස්ථාවට යුධ හමුදා මූලස්ථාන විධායක ජෙනරාල්, මේජර් ජෙනරාල් ඊ.පී. ද අබේසේකර මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

ගුවන් හමුදාව සහ නාවික හමුදාව (කාන්තා)


 

යුධ හමුදාව හා නාවික හමුදාව (පිරිමි )








ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.