ගුවන් හමුදා සේවා වනිතා ඒකකය කැපකරු මාපිය වැඩසටහනක් සංවිධානය කරයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ නව සංකල්පයකට අනුව ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ මඟපෙන්වීම යටතේ කැපකරු මාපිය වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන ලදී. මව්බිම වෙලී පැවතුණු කුරිරු ත‍්‍රස්ථවාදයෙන් මුදා ගැනීම වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කල සහ ආබාධිත තත්වයට පත්වූ ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ දරු දැරියන් වෙනුවෙන් පහසුකම් සැලසීමේ අරමුණින් මෙම වැඩසටහන දියත් කරනු ලබයි.

මෙම වැඩසටහන් මාලාවෙහි සමාරම්භක  වැඩසටහන සන්ධ්‍යා පේරුසිංහ මහත්මියගේ ආරාධනය අනුව කැනේඩියානු ශ‍්‍රී ලාංකිකයන්ගේ එකමුතුවේ අනුග‍්‍රහයෙන් 2017 සැප්තැම්බර් මස 06 වන දින සේවා වනිතා ඒකකයේදී පවත්වන ලදී. මෙම කණ්ඩායම විසින් ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව වෙත ශිස්‍යත්ව 11 ක් පිරිනමනු ලැබූ අතර ආබාධිත තත්වයට පත්වූ 18685 නායක ගුවන් භට පණ්ඩිතරත්න ටීපීපීකේ රණවිරුවාගේ පුතු හට පළමු ශිෂ්‍යත්වය නිළ වශයෙන් පරිත්‍යාග කරන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.