ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති තුමන්ගේ පදවි ප‍්‍රාප්තිය නිමිත්තෙන් ලේ දන්දීමේ ව්‍යාපාරයක්

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ පළවන පදවි ප‍්‍රාප්තිය නිමිත්තෙන් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඔ කඳවුර හා කොළඔ දිස්ත‍්‍රික් මහරෝහල එක්ව සංවිධානය කළ   ලේ දන්දීමේ ව්‍යාපාරයක්  සැප්තැමිබර් මස 12 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඔ කඳවුරු පරිශ‍්‍රයේදි පවත්වන ලදී.

ගුවන් හමුදා කොළඔ කඳවුරු අනදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන ගේ අධීක්ෂණය යටතේ පැවැත්වුනු මෙම වැඩසටහනට  ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති ගුවන් හමුදා සේවාවනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයම්පති මහත්මිය නිළධාරීන් සෙසු නිළයන් ඇතුලු පිරිසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.