එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන්හි නියුතු ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකක බලඇණිය සදහා පදක්කම් ප‍්‍රදානය කිරීමේ උත්සවය

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන්හි නියුතු ශී‍්‍ර ලංකා ගුවන් හමුදා 03 වන බලඇණියේ  සේවා පුද්ගලයින් තම රාජකාරීන් සාර්ථකව නිම කිරීම වෙනුවෙන් ඔවුන් හට  පදක්කම් ප‍්‍රදානය කිරීමේ උත්සවයක් 2017 සැප්තැම්බර් මස 13 වන දින එම ඒකක පරිශ‍්‍රයේදී පවත්වන ලදි.  සාමසාධක රාජකාරීන්හි නියුතු ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පුද්ගලයින් සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් පහසු කර ගැනීම සදහා යොදවා ඇති බෲනා හි මාණ්ඩලික නිළධාරීන්ගේ  06 දෙනෙකු හට කරන ලද සාර්ථක මෙහෙවර අගයමින් මෙහිදී පදක්කම්  ප‍්‍රදානය කරන ලදි.

මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්සත්  ජාතීන්ගේ නැගෙනහිර ඒකකයේ රාජකාරී භාරව කටයුතු කරන ඒකක අණදෙන නිළධාරී බි‍්‍රගේඩියර් ජෙනරල් මොහොමඩ් අබිදේල්බසෙට් මොහොමඩ් අලී නිළධාරී සහභාගී වූ අතර මෙම ඓතිහාසික අවස්ථාව සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ගුවන්  මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා උත්සවයේ විශේෂ නියෝජිත ලෙස  සහභාගී විය.

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී ඒකකයේ කාර්යාල ප‍්‍රධානී, බලඇණි ප‍්‍රධාන ගුවන් සේවා නිළධාරී ඇතුළු ඒකක අණදෙන නිළධාරීන් මෙන්ම  බොහෝ සම්භාවනීය අමුත්තන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

සීගිරිය ප‍්‍රදර්ශනය කරන ලයන් රොක් ෆෝඩ්ස්ට්රීස් වැඩසටහන සඳහා බොහෝ දෙනාගේ අවධානය යොමු වූ අතර, සාමිප‍්‍රදායික  හා සංස්කෘතික බෙර හා නර්තන අංගයන් උත්සවය සදහා ඇතුලත් විය. අනතුරුව ඉදිරිපත් කරන ලද සරඹ සංදර්ශනය සදහා පැමිණ සිටි සියලු දෙනාගේ ඇස යොමු විය.අවසාන වශයෙන් බලඇණියේ සේවා පුද්ගලයින් විසින් ශී‍්‍ර ලාංකීය ක‍්‍රමයට ආහරපාන පිලියෙල කර අමුත්තන් හට පිලිගැන්වූ අතර කැලිප්සෝ සංගීතයද ඒ අතරට එක් කරමින් ඔවුන් සතුටු කරන ලදි. 


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.