පැසිෆික් ගුවන් ප‍්‍රවාහන රැළිය සිව්වන දිනය උත්සවාකාරයෙන්

පැසිෆික් ගුවන් ප‍්‍රවාහන රැළියේ 04 වන දිනය 2017 සැප්තැම්බර් මස 15ෆ දින මීගමුව ජෙට්විංග් බ්ලූ හෝටලයේදී කමාන්ඞ් පෝස්ට් අභ්‍යාසය, වෛද්‍ය විෂය විශේෂඥ දැනුම හුවමාරුව සහ ඉංජිනේරු විෂය විශේෂඥ දැනම හුවමාරුව ලෙස කොටස් තුනක් යටතේ ආරම්භ විය. කමාන්ඞ් පෝස්ට් අභ්‍යාසය සිවිල් හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයේ පවත්වන ලද දේශනයකින් ආරම්භ විය. මේ සඳහා සහභාගී වූවන් කාර්ය මණ්ඩල හා ප‍්‍රමාණයන් හඳුන්වාදීම සහ අදියර 1-4 දක්වා ප‍්‍රමුඛතාකරණය යටතේ ප‍්‍රායෝගික අභ්‍යාසයක්ද සිදු කරන ලදී.  තවදුරටත්ල ඒකස්තජනපද ගුවන්  හමුදා ගුවන් යානා කාර්ය මණ්ඩල මගින් සිදු කරන ලද ගුවන් යානා ආධාරයෙන් ගුවනින් ගොස් භාණ්ඩ දැමීමේ ක‍්‍රම සහ පතිත කිරීමේ කලාප පිළිබඳව සලකා බැලීම් පිළිබඳ දේශනයන්ටද සහභාගී වූහ.

මෙම අවස්ථාවේදීමල සිවිල් ඉංජිනේරු විෂය විශේෂඥ දැනම හුවමාරුව සඳහා සහභාගී වූ එක්සත් ජනපද ගුවන් හමුදා සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් පශ්චාත් ආපදා වාතාවරණයක දී ගුවන් තොටුපල තක්සේරු කිරීමල විදුලි පද්ධතිල මානුෂීය ආධාර සහ හදිසි ආපදා සහන තත්වයන්හිදී බල පද්ධති සහ ගුවන් පථයේ හානි අළුත්වැඩියාව පිළිබඳ සාකච්ඡුාවට බඳුන් කරන ලදී.

සිව්වන දිනයේ වෛද්‍ය විශය විශේෂඥ දැනුම් හුවමාරුව යටතේ උඣීසන භාගයේදී ක‍්‍රියාකාරකම් කිහිපයක් සිදු කරන ලදීග මෙහිදී කලාපයේ ඩෙංගු වසංගතය සහ ගුවන් යානා අනතුරු පිළිබඳව සාකච්ඡා කරන ලදී. සන්ධ්‍යා  භාගයේදී මෙම කණ්ඩායම් කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පිටත්ව යන ලදීග මෙහිදී රෝගීන් රැගෙන යාමේදී විවිධ ඔසවාගෙන යාමේ ක‍්‍රම ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කරන ලදී.

අවසානයේ පියාසර පුහුණු අභ්‍යාස කණ්ඩායම් විසින් පැරෂුට් පැනීම් කණ්ඩායම් සහ ගුවන් භාණ්ඩ රැගෙන යාමේ කණ්ඩායම් අම්පාර ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන යන ලදී. අද දින එනම් 2017 සැප්තැම්බර් මස 15 වන දින පැසිෆික් ගුවන් ප‍්‍රවාහන රැළියේ අවසාන දිනය වෙයි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.