ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි පැසි පන්දු කණ්ඩායම බංගලාදේශයේ සංචාරයක

ශ‍්‍රී ලංකාවේ ජාතික සහ ආරක්‍ෂක සේවා ශූරයන් වන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පැසිපන්දු කණ්ඩායම, බංගලාදේශ ගුවන් හමුදාව සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අතර ක‍්‍රීඩා දැනුම් හුවමාරු වැඩසටහන යටතේ සුහද පැසිපන්දු තරඟාවළියක් සඳහා පසුගියදා දිවයිනෙන් පිටත්ව යන ලදී. ජාතික පැසිපන්දු කණ්ඩායමේ හිටපු උපනායක කෝප‍්‍රල් දොඩංගොඩ ආර් විසින් මෙම පැසිපන්දු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලබන අතර විංග් කමාන්ඩර් ඩබ්ඒපීඑච් පෙරේරා විසින් මෙම ධුත කණ්ඩායමට නායකත්වය සපයනු ලබයි.

මීට පෙර 2017 මැයි මස බංගලාදේශ ගුවන් හමුදාව සහ ශ‍්‍රි ලංකා ගුවන්හමුදාව අතර ක‍්‍රීඩා දැනුම් හවමාරු වැඩසටහන ආරම්භ කරමින් බංගලාදේශ ගුවන් හමුදා හොකී කණ්ඩායම සුහද හොකී තරඟාවළියක් සඳහා ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත විය. එසේම මෙය 2017 වසරේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කී‍්‍රඩා කණ්ඩායමක් බංගලාදේශ සංචාරයක නිරත වන පළමු අවස්ථාව වෙයි.

ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සිලයේ සභාපති ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් සාර්ථක තරඟ සංචාරයක් උදෙසා කණ්ඩායම වෙත තම සුභපැතුම් එක්කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.