අන්තර් ඒකක පාපැදි ශූරතාවය 2017

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක පාපැදි තරඟාවළිය 2017 සැප්තැම්බර් මස 17 වන දින  කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී.  මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක රෙජිමේන්තු පක්ෂාංගය පිරිමි ශූරතාවය දිනා ගනු ලැබූ අතර අනුරාධපුර ගුවන් හමුදා කදවුර කාන්තා ශූරතාවය දිනා ගන්නා ලදි.  

කොළඹ ගුවන් හමුදා කඳවුර සහ චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයන්ට හිමිකම් කියන ලදී.

ගුවන් හමුදා  මෙහෙයුම් භූමි අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් කේඑෆ්ආර් ප‍්‍රනාන්දු ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂක සහ ගුවන් හමුදා පාපැදි සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් එච්එම්එස්කේබී කොටකදෙණිය, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෘාප් කැප්ටන් මොහාන් බාලසූරිය ඇතුළු නිළධාරීන් සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.