3 වන ආරක්ෂක සේවා සහ මාණ්ඩලික පාසලේ උපාධි ප්‍රධානෝත්සවය

ආරක්ෂක සේවා බලඇණි සහ මාණ්ඩලික පාසලේ තෙවන උපාධි ප්‍රධානෝත්සවය 2009 දෙසැම්බර් 29 වන දා පෙරවරුවේ දී  සපුගස්කන්ද මාණ්ඩලික පාසල් ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. එහි ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු අග්‍රාමාත්‍යය රත්නසිරි වික්‍රමනායක මැතිතුමන්ය.

ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් එක් නිලධාරියෙක්ද ඉංදියාව ,බංගලාදේශය,මාලදිවයින සහ නේපාලය නියෝජනය කරමින් ජාත්‍යන්තර හමුදා නිලධාරීන් 4ක් සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 51ක්ද මෙම පාඨමාලාවට අදාල විෂය නිර්දේශය  සාර්ථකව නිම කරමින් පී.එස්.සී (PSC)උපාධියෙන් පිදුම් ලබන ලදී.

මෙම ආරක්ෂක සේවා බලඇණි සහ මාණ්ඩලික පාසල කැළණිය විශ්ව විද්‍යලයට අනුයුක්තව ඇති බැවින් මෙම පාඨමාලාව තුලදී දක්වන දක්ෂතාවයට අනුව පශ්චාත් උපාධිය හිමි කර ගත හැක.
මෙම පාඨමාලව හදාරන නිළධාරින් අනිවාර්යයෙන් අවුරුද්දක් පුරාවට නේවාසිකව හිද ත්‍රිවිධ හමුදාවන්ට අදාල නියමයන්ට අනුකූලව පාඨමාළාව සම්පුර්ණ කල යුතු වේ.

සහකාර ආරක්ෂක ලේකම් ආර්. එම්. එස්. රත්නායක ,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ඩබ්ලිව්.ඩී.ආර්.එම්.ජේ ගුණතිලක , යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය , නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ , ආරක්ෂක සේවා බලඇණි සහ මාණ්ඩලික පාසලේ ආඥාපති මේජර් ජෙනරාල් නිරන්ජන් සමරසිංහ සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම උපාධි ප්‍රධානෝත්සවයට සහභාගි විය.

පහත නම් සදහන් ත්‍රිවිධ හමුදා නිලධාරින් මෙම පාඨමාලවෙදී පිරිනමන විශේෂ සම්මානයක් වන ගෝල්ඩන් ඔවුල් සම්මානයෙන් පිදුම් ලබනලදී.

1. හොදම යුධ හමුදා නිළධාරියා - මේජර් චවුහාන් (ඉන්දියාව)
2. හොදම
ශ්‍රී ලංකා යුධ හමුදා නිළධාරියා - මේජර් ප්‍රේමතිලක
3. හොදම නාවික හමුදා නිළධාරියා - ලුතිනන් කමාන්ඩර් කුමාරතුංග
4. හොදම ගුවන් හමුදා නිළධාරියා - විංග් කමාන්ඩර් සුමනවීර


No.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation CeremonyNo.03 Defence Services Command and Staff Collage Graduation Ceremony



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.