අද දෙරණ 2017 වසරේ නිර්භීතම පුද්ගලයා සම්මානය ගුවන් හමුදාවේ නායක ගුවන් භට රත්නායකට

අද දෙරණ 2017 වසරේ ශ‍්‍රී ලාංකිකයා සම්මාන උළෙල දෙවන වරටත් 2017 සැප්තැම්බර් මස 27 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී පවත්වන ලදී. එහිදී, දිවයිනේ කැපී පෙනෙන පුද්ගලයින් හා කණ්ඩායම් සඳහා උපහාර දැක්වීම සිදු කරන ලදී.

විවිධ වෘත්තීන් හා ක්ෂේත‍්‍ර යටතේ පුද්ගලයන් 14 දෙනෙකු සඳහා සම්මාන ප‍්‍රදානය කිරීම මෙහිදී සිදු කරන ලදී.

ඒ අනුව, මඩකලපුව කලපුවේ ගිළුණු තී‍්‍ර රෝද රථයක සිටි සිව් දෙනෙකු බේරා ගැනීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන්  භට නවීන් ධනුෂ්ක රත්නායක වසරේ නිර්භීතම පුද්ගලයාට හිමි සම්මානයෙන් පිදුම් ලබන ලදී.
 
දේශීය ප‍්‍රජාව කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරමින් ජාත්‍යන්තර ප‍්‍රජාව අතර ශ‍්‍රී ලංකාව ආකර්ෂණය කර ගැනීමට උපකාරි වෙමින් දීර්ඝ ගමණකට මංපෙත් විවර කල පුද්ගලයන් හා කණ්ඩායම්හි උත්සාහයන් සහ ජයග‍්‍රහණයන් අගයනු වස් ඔවුන්ට ගෞරවය පුද කිරීම උදෙසා පසුගිය වසරේ මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය ආරම්භ කරන ලදී.

මෙහිදී, ක‍්‍රීඩා, ගෝලීය විනෝදාස්වාය සපයන්නා, නිර්භීතම පුද්ගලයා, වසරේ විනෝදාස්වාය සපයන්නා, ගෝලීය විද්‍යාඥයා, වසරේ ව්‍යවසායකයා, ගෝලීය ව්‍යාපාරිකයා සහ වසරේ සලකුණ වැනි වූ විවිධ කාණ්ඩ යටතේ ජයග‍්‍රාහකයින් තෝරා ගන්නා ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.