ගුවන් හමුදාධිපතිතුමන් 2017 පැසිෆික් ගුවන් ප‍්‍රධානී සමුළුවට සහභාගී වෙයි

හවායි ගුවන් ආරක්‍ෂණ කඳවුරට පැවරුණු අයුරින් එක්සත් ජනපද ගුවන් හමුදා එෆ්-22 රැප්ටර්ස් ගුවන් යානා හතරක් සහ සී-17 ග්ලෝබ්මාස්ටර් 111 ගුවන් යානයකින් නසමන්විත ගුවන් යානා පහක් හවායි හයිකැම් ඒකාබද්ධ පර්ස් වරායේ පිහිටි පැසිෆික් ගුවන් හමුදා මූලස්ථානයට ඉහලින් පියාසර කරමින් 2017 පැසිෆික් ගුවන් ප‍්‍රධානී සමුළුවේ ආරම්භය 2017 සැප්තැම්බර් මස 26 වන දින සනිටුහන් කරන ලදී.  තම සගයින් සහ හවුල්කරුවන් සමග සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද ඉන්දු-ආසියා පැසිෆික් කලාපය පුරා ගුවන් ප‍්‍රධානීන් විශාල වශයෙන් එක්රැුස් වුණු පැසිෆික් ගුවන් ප‍්‍රධානී සමුළව සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාද සහභාගී විය.




(Photo credit U.S. Air Force photo/Tech. Sgt. Kamaile Casillas)
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.