ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක බැඩ්මින්ටන් තරගාවලිය - 2017

2017 අන්තර් ඒකක බැඩ්මින්ටන් තරඟාවළියේ පිරිමි ශූරතාවය දිනාගැනීමට චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය සමත් වූ අතර කටුනායක ගුවන් හමුදා කඳවුර කාන්තා ශූරතාවය දිනාගන්නා ලදී. තරඟාවලිය 2017 සැප්තැම්බර් 26 වන දින සිට 29 වන දින දක්වා කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ කි‍්‍රඩාංගාරයේදී පැවැත්විණි. තරඟාවළිය සඳහා සියලු ගුවන් හමුදා කදවුරු නියෝජනය කරමින් තරඟකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.

දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල සහ වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල පිළිවෙලින් තරඟාවළියේ පිරිමි සහ කාන්තා අනුශූරතාවය දිනාගන්නා ලදී.

චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ෆ්ලයිං ඔෆිසර් ඩීඑම්අයිඑම් ජයතිලක සහ කටුනායක ගුවන් හමුදා කඳවුරේ ෆ්ලයිං ඔෆිසර් ජීඑච් චිරංගා පිළිවෙලින් පිරිමි සහ කාචන්තා විවෘත ශූරතාවය දිනා ගැනීමට සමත් වූහ.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් පීඩීකේටී ජයසිංහ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක්ද මෙම අවස්ථාවට එක්වූහ.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.