ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය 2017 ලෝක ළමා දිනය සමරයි

ලෝක ළමා දින සංවත්සරයට සමගාමීව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමාගේ පූර්ණ අණුදැනුම මත ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මැතිණියගේ සහභාගීත්වයෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කල ලෝක ළමා දින සැමරුම් විශේෂ වැඩසටහනක් 2017 ඔක්තෝම්බර් මස 01 වන දින කටුනායක ඊගල්ස් උත්සව ශාලාවේදී පවත්වන ලදී. මේ සඳහා කුඩා දරු දැරියන් 400 ක් පමණ සහභාගී වූහ.

මෙම වැඩසටහන උපුල් වීරසිංහ මහතා (උපුල් මාමා) ඇතූලු කණ්ඩායම විසින් ”සතුටු පිරුණු සොඳුරු ලොවක්” යන තේමාව යටතේ විනෝදාත්මක වැඩසටහන්, ක‍්‍රීඩා අංග සහ මැජික් සංදර්ශන ඇතුළු අංග රැුසක් සමගින් පවත්වන ලදී. සේවා පුද්ගලයන්ගේ දරු දැරියන් විසින් ද මෙහිදී සිය දස්කම් විදහා දක්වන ලදි.

මෙම වැඩසටහනට සහභාගී වූ සියළුම දරු දැරියන් හට පාසල් බෑග්, කැප්, ටී-ෂර්ට්, කතන්දර පොත් සහ මහජන බැංකුවේ ඉතිරිකිරීමේ ගිණුම් වව්චර් ප‍්‍රදානය කරන ලදී.

මෙම සැමරුමට සමගාමීව ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ”ගුවන් කැකුළු සිත්තම්” ලෙසින් චිත‍්‍ර තරඳයක්ද පවත්වන ලද අතර එහිදී ජයාග‍්‍රාක ජයග‍්‍රාහිකාවන් සඳහා ඉතා වටිනා ත්‍යාග සහ සහතික පත් ප‍්‍රදානය කරන ලදී. මීට අමතරව වැලිකන්ද ප‍්‍රදේශයේ පාසල් දරු දැරියන් 50 ක් පමණ ඔවුන්ගේ ජීවිතයේ පළමු වරට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන නගරය වන කොළම නගරයේ සංචාරයක් සඳහා කඳවාගෙන ආ අතර එය ඔවුන්ට තම ජීවිතයේ අමතක නොවන දිනයක් විය. එසේම ඔවුන් හට හෙලිකොප්ටර් සංචාරයක නිරත වීමේ අනගි අවස්ථාවක්ද මෙහිදී හිමිවිය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.