සීගිරිය රැළි ක්‍රොස් 2017

2017 සීගිරිය රැළි ක්‍රොස් යතුරු පැදි හා මෝටර් රථ ධාවන තරඟය 2017 ඔක්තෝම්බර් මස 01 වන දින සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්විණි. මෙවර තරඟය ශ‍්‍රී ලංකා මොටර්රථ ධාවකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මෝටර් රථ හා යතුරුපැදි ධාවන කණ්ඩායම 2017 සීගිරිය රැළි ක්‍රොස් තරඟයේ යතුරු පැදි ධාවන තරඟ සඳහා සහභාගී වූ අතර එහිදී ප‍්‍රවීණ යතුරු පැදි ධාවකයන් අභිබවා ජයග‍්‍රහණ ලැබීමට ඔවුහු සමත් වූහ.

2017 සීගිරිය රැළි ක්‍රොස් ධාවන තරඟයේ ගුවන් හමුදා ජයග‍්‍රහණ

40576    නාගුභ පීරිස් එච්වයිඑම්                      ස්ටෑන්ඩර්ඩ් 250සීසී විවෘත කාණ්ඩය  -  දෙවන ස්ථානය
40576    නාගුභ පීරිස් එච්වයිඑම්                      ස්ටෑන්ඩර්ඩ් 250සීසී රේසිං කාණ්ඩය  -  දෙවන ස්ථානය
014304  කෝප‍්‍රල් දිසානායක කේඑම්ජේ            ස්ටෑන්ඩර්ඩ් 125සීසී රේසිං කාණ්ඩය  -  තුන්වන ස්ථානය

මෙම ජයග‍්‍රහණයන්හි සුවිශීෂ්ඨ කරුණක් වන්නේ මොවුන් සියළු දෙනාම ගුවන් හමුදාව තුළ වෙනත් රාජකාරීන්හි නියුක්තු වන ගුවන් භටයින් වීමයි. එසේම මොවුන් විසින් ගුවන් හමුදාව තුළ මොවුන්ගේ මූලික රාජකාරියට අමතරව මෙම ජයග‍්‍රහණ තුළින් ගුවන් හමුදාවට කීර්තියක් ලබාදී තිබේ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.