ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල

ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2017 ඔක්තෝම්බර් මස 06 වන දින පවත්වන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් නිරීක්‍ෂණය කරනලද ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණ පෙළපාලිය සඳහා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩබ්ලිව් ඩබ්ලිව් පී ඩී එෆ් ප‍්‍රනාන්දු විසින් අණදෙන ලදී.

එහිදී 18711 සුසිල් ජීඑ්, 27845 කෝ්ප‍්‍රල් එදිරිවීර ආර්එප් එස් ආර්, 33001 කෝ්ප‍්‍රල් ධර්මසිරි ජේකේ එන්, 024338 නායක ගුවන්භට නිස්සංක එස්ඩීඅයියු,  ජේආර් ජානක මහතා කඳවුරු රාජකාරීන් උදෙසා සිදු කරන ලද විශිෂ්ට සේවාව වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්කෙරිණි.

කඳවුරු පරීක්‍ෂණය අතරතුරදී ගුවන්හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියළුම ස්ථාන නිරීක්‍ෂණයට භාජනය කරනලදී.

කඳවුරු පරීක්‍ෂණය අවසානයේ ගුවන් හමුදාධිපතිතුමන් විසින්  ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය වෙනුවෙන්  කඳවුර සූදානම් කිරීම වෙනුවෙන් සහ ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සියළු දෙනා දක්වන ලද සුවිශීෂ්ඨ දායකත්වය අගයමින් සියළු නිළයන්අමතන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.