අන්තර් ඒකක බිලියට් හා ස්නූකර් තරඟාවලිය 2017

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසල  සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අනුරාධපුර  මූලික කදවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අංශයන්හි ජයග‍්‍රහණ හිමි කර ගනිමින් 2017 අන්තර් ඒකක බිලියට් හා ස්නූකර් තරඟාවලිය  කටුනායක ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී 2017 ඔක්තෝබර් මස 06 වන දින සාර්ථකව නිමාවට පත්විය.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අනුරාධපුර  මූලික කදවුර පිරිමි කණ්ඩායම සහ කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කාන්තා කණ්ඩායම පිලිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරයන් බවට පත්විය.

කටුනායක මූලික කඳවුරු අනදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ප‍්‍රසන්න  පායෝ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර නිළධාරීන්, සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.