කටුකුරුන්ද රොදර්හැම් සර්කිට් මීට් 2017 මොටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළියේදී ගුවන් හමුදා මෝටර් රේසිං කණ්ඩායම සිය දක්ෂතා පෙන්වයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරු ධාවන පථයේදී පසුගිය 2017 ඔක්තෝම්බර් මස 15 වන දින පැවති රොදර්හැම් සර්කිට් මීට් 2017 තරඟාවළියේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා  මෝටර් රේසිං කණ්ඩායම මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟ සඳහා සහභාගී විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මෝටර් රථ ධාවක බල පන්ති සැරයන් රාමනායක ඒආර්ඒ සහ යතුරු පැදි ධාවකයින් වන කෝප‍්‍රල් සේනාරත්න පීඩබ්ජීඩීආර්කේ, කොප‍්‍රල් ලක්මාල් ජේඩීසී සහ නායක ගුවන් භට පීරිස් එච්වයිඑම් තරඟ ඉසව් සඳහා සහභාගී විය.

නායක ගුවන් භට පීරිස් එච්වයිඑම් විසින් CBR 250cc කාණ්ඩයේ යතුරුපැදි ධාවන තරඟයෙන් දෙවන ස්ථානය දිනා ගන්නා ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා තරඟාවළියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයට සහභාගී වූ අතර ගුවන් හමුදා මෝටර් රේසිං කණ්ඩායමට සුභපැතුම් එක්කිරීමද සිදු කරන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.