අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ගුවන් බාලදක්ෂ සාමාජිකයින් බඳවාගැනීමේ වැඩසටහනක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ ඒකකය වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙල යටතේ අනුරාධපුර ප‍්‍රදේශයේ පාසල් දරු දැරියන් හට ගුවන් බාලදක්ෂයින් හා එක්වීමට අවස්ථාව සලසා දෙමින් ගුවන් බාලදක්ෂ බඳවා ගැනීමේ වැඩපිළිලවෙලක් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදී 2017 ඔක්තෝම්බර් මස 21 වන දින පවත්වන ලදී. ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ නායකයින් විසින් පවත්වනු ලැබූ ආධුනික බාලදක්ෂයින් බඳවා ගැනීමේ සම්මුඛ පරීෂක්‍ණය සඳහා පාසල් දරු දැරියන් 61 දෙනෙකු පමණ සහභාගී වූහ.

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එච්එන් අබේසිංහ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. අනුරාධපුර දිස්ත‍්‍රිකයේ බාලදක්ෂ කොමසාරිස් සී දසනායක මහතා, අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ගුවන් බාලදක්ෂයින්ගේ සහායක බාලදක්ෂ සමූහ නායක ෆ්ලයින් ඔෆිසර් ඒඑම්එල් ඇරැව්වාවල, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ නායකයින්, සියළුම නිළධාරීන් සහ බළලත් නිළධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.