කණිෂ්ඨ ගුවන් බාලදක්ෂ මුලික සාමාජිකත්ව ලාංඡන ප‍්‍රදානෝත්සවය - ගම්පහ අංක 1 ගුවන් බාලදක්ෂ කණ්ඩායම

කණිෂ්ඨ ගුවන් බාලදක්ෂයන් 99 දෙනෙකු සඳහා සාමාජිකත්වය ලබාදීමේ සහ නිළ ලාංඡන ප‍්‍රදානය කිරීමේ උත්සවයක් 2017 ඔක්තෝබර් 21 වන දින ගුවන් හමුදා මීරිගම කඳවුරේදී පවත්වන ලදී. මෙම අවස්ථාව සදහා එම බාලදක්‍ෂයින්ගේ දෙමාපියන්ද සහභාගී විය.

මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මීරිගම කදවුරේ අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් එල්පී දහනායක මහතා සහභාගී විය.

බාලදක්ෂ කණ්ඩායම් ප‍්‍රධාන උපදේශක විංග් කමාන්ඩර් ජේඒපීඑස් ජයවර්ධන,  ශී‍්‍ර ලංකා බාලදක්ෂ සමූහයේ උපදේශක (ගම්පහ දිස්ති‍්‍රක්කය) ඇතුළු නිළධාරීන් පිරිසක්ද මෙම ලාංජන ප‍්‍රදානෝත්සවය සදහා සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.