21 වන ගුවන් ලක් සෙවන නිවස ප‍්‍රදානය කෙරේ

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ක‍්‍රියාත්මක ”ගුවන් ලක් සෙවන” නිවාස ව්‍යාපෘතිය යටතේ අළුතින් ඉදිකරන ලද නව නිවසක් 08893 කෝප‍්‍රල් රාජමුණි ආර්ඩී්ආර්ඩබ් (මෙහෙයුම් භූමි) හට ප‍්‍රදානය කරන ලදී. මෙම නිවස ප‍්‍රදානය කිරීමේ උත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් 2017 ඔක්තෝම්බර් මස 26 වන දින කුරුණෑගල, කෝන්ගස්වල  ප‍්‍රදේශයේදී සිදු කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සපයනු ලැබූ අතර ඉදිකිරීම් කටයුතු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ කටුනායක ගුවන් හමුදා කඳවුර විසින් සිදු කරන ලදී. සමස්ත ව්‍යාපෘතිය ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මැතිණිය, ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් රුචිර සමරසිංහ, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ප‍්‍රසන්න පායෝ, නිළධාරීන්, සෙසු නිළයන් සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නියෝජිතයින් ඇතුළු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.