ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව පිදුරුතලාගල

පිදුරුතලාගුල ගුවන් හමුදා කඳවුරේ 2017 වසරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් 2017 ඔක්තෝම්බර් මස 06 වන දින පවත්වන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම්සී පීරිස් විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළගන්නා ලද අතර මාර්ග පෙළ ඛණ්ඩයක් මගින් ගුවන් හමුදාධිපතිතුමන් හට උත්තමාචාර පුද කරන ලදී.

කඳවුරු පරීක්‍ෂණය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියළුම ස්ථාන සිය නිරීක්‍ෂණයට භාජනය කරන ලද අතර අළුතින් ඉදිකරන ලද ”වෙස්ට්ලෑන්ඩ් කොටේජ්” නිළධාරී නිවාඩු නිකේතනය විවෘත කිරීමද සිදු කරන ලදී.

මෙහිදී 32115 කෝප‍්‍රල් කුමාර ආර්වයිඅයිඩී (ජලනල කාර්මික) විසින් දක්වන ලද සිවිශිෂ්ට සේවාව වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක් කෙරිණි.

පරීක්‍ෂණය අවසන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියළුම නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතන ලද අතර එහිදී ගුවන් හමුදාධීපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය වෙනුවෙන් කඳවුර සුදානාම් කිරීම වෙනුවෙන් සියළු දෙනා හට සුභ පතන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.