විරවිල ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට

වීරවිල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2017 ඔක්තෝම්බර් මස 27 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් පවත්වන ලදී. කඳවුරු අණදෙන නිළධාරී  ගෘප් කැප්ටන් ඩීආර්ඒබී වරකාංග විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත  පිළිගන්නා ලද අතර මාර්ග පෙළ ඛණ්ඩයක් මගින් උත්තමාචාර පුද කරන ලදී.

015890 නායක ගුවන් භට පේ‍්‍රමචන්ද‍්‍ර ඩබ්එම්ඩීටීඩබ් (රථවාහන ක‍්‍රියාකරු 111) සහ සිවිල් සේවක ඩීඒ ධනුශ්ක ප‍්‍රසාද් මහතා හට ඔවුන් විසසින් කඳවුරේ මෙන්ම ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදුකරන ලද ඉමහත් සේවාව වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්කෙරිණි.

ප5ීක්‍ෂණය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියළුම ස්ථාන සිය නිරීක්‍ෂණයට භාජනය කරන ලද අතර අළුතින් ඉදිකරන ලද අවි ගබඩාව විවෘත කිරීමද එතුමන් විසින් සිදු කරන ලදී. පරීක්‍ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියළු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතන ලද අතර සියළුදෙනා හට සුභපැතීමද සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.