ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පාලවිය කදවුර සිය 10 වන සංවත්සරය සමරයි

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පාලවිය කදවුර සිය 10 වන සංවත්සරය 2017 නොවැම්බර් මස 01 වන දින කදවුරු අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් එල්ඩීආර්පී ගුණවර්ධන මහතාගේ මග පෙන්වීම යටතේ කදවුරු සියලූම නිළධාරීන් සෙසු නිළයන් හා සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සමරන ලදි.

සංවත්සර දිනය ආරම්භ කරමින් උදෑසන පෙළපාලිය කදවුරු අණදෙන නිළධාරීගේ පරීක්‍ෂණයට භාජනය විය. මීට අමතරව ශ‍්‍රමදාන ව්‍යාපාරයක් හා ලේ දන්දීමේ  ව්‍යාපාරයක් කදවුරේ සියලූම සේවා පුද්ගලයන්ගේ සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලදි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.