11 වන ලෝක හමුදා ගෝල්ෆ් තරඟාවළිය 2017 - මාධ්‍ය සාකච්ඡාව

ශ‍්‍රී ලංකා ති‍්‍රවිධ හමුදාව මගින් සංවිධානය කරනු ලබන 11 වන ලෝක හමුදා ගෝල්ෆ් තරඟාවළිය 2017 තරඟාවළිය පිළිබඳව මාද්‍ය දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය 2017 නොවැම්බර් මස 02 වන දින අරක්‍ෂක අමාත්‍යාංශ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

11 වන ලෝක හමුදා ගෝල්ෆ් තරඟාවළිය 2017 නොවැම්බර් මස 12 වන දින සිට 19 වන දින දක්වා චීන වරාය ”ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස්” හිදී පැවැත්වීමට නියමිත වේ.

2016 වසරේ නෙදර්ලන්තයේ පැවති 10 වන ලෝක හමුදා ගෝල්ෆ් තරඟාවළිය සඳහා ශ‍්‍රි ලංකාව සහභාගී විය. මෙවර ශ‍්‍රී ලංකාව තරඟාවළිය සඳහා අනුග‍්‍රහය දක්වයි. ලෝක ක‍්‍රිඩා තරඟාවළියක් සඳහා ශ‍්‍රි ලංකාව සත්කාරකත්වය දක්වනු ලබන පළමු අවස්ථාව වන අතර මෙය ශ‍්‍රී ලංකා හමුදාවන්ට ෙඓතිහාසික අවස්ථාවක් වෙයි.

ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එස්කේ පතිරණ, අධ්‍යක්‍ෂක මාධ්‍ය / ආරක්‍ෂක අමාත්‍යාංශ හමුදා මාද්‍ය ප‍්‍රකාශක මේජර් ජෙනරාල් ඒඩබ්එම්පී රොෂාන් සෙනෙවිරත්න, ගුවන් හමුදා ක‍්‍රිඩා කවුල්සිල ලේකම් ගෲප් කැප්ටන් පීඑන් ද කොස්තා, යුධ හමුදා ක‍්‍රීඩා අධ්‍යක්‍ෂක ජෙනරාල් බි‍්‍රගේඩියර් ඩබ්ඒවීඒ සුදසිංහ, නාවික හමුදා ක‍්‍රිඩා අධ්‍යක්‍ෂක කැප්ටන් ආර්ඒපීපී රත්නායක, නාවික හමුදා ගෝල්ෆ් සංචිත ලේකම් කැප්ටන් එස්ජේ කුමාර සහ විද්‍යුත් සහ මුද‍්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍යවේදීහු රැසක්ද මේ අවස්ථාව සඳහා සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.