ගුවන් හමුදා කෞතුකාගාරය සිය 08 වන සංවත්සරය සමරයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය සිය 08 වන සංවත්සරය පසුගියදා සමරන ලදී. සංවත්සර දින වැඩසටහන් මාලාව ආරම්භ කරමින් සංවත්සර දින වැඩ පෙළපාලිය අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් කේජීඩීඑන් ජයසිංහ විසින් නිරීක්‍ෂණය කරන ලදී. ඉන් අනතුරුව සැහැල්ලු පන්දු ක‍්‍රිකට් තරඟාවළියක් සහ සියළු නිළයන් සඳහා දිවා භෝජන සංග‍්‍රහයක්ද පවත්වන ලදී.

සංවත්සරයට සමගාමීව 2017 ඔක්තෝම්බර් මස 31 වන දින සිට නොවැම්බර් මස 01 වන දින දක්වා අත්තිඩිය යශෝධරා දේවී බාලිකා ළමා නිවාසයේ සමාජ සත්කාර වැඩසටහනක්ද ක‍්‍රියාත්මක කරන ලදී. ළමා නිවාසයේ ළමුන්ගේ සාමාන්‍ය අවශ්‍යතාවයන්ට පමණක් සීමා නොකොට සිදුකරන ලද වැඩසටහනක් වීම සැලකිය යුතු කරුණකි. ඒ අනුව නිවාසයේ නානකාමර පහසුකම් වැඩිදියණු කිරීම, එක්රැුස් වී තිබුණු කැලි කසල ඉවත් කිරීම, තාප්පය සහ සිවිලිම තීන්ත ආලේප කිරීම ඇතුළු විවිධ සත්කාරක වැඩසටහන් රැුසක් කෞතුකාගාර සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.