රත්නපුර අයගම ප‍්‍රාථමික විද්‍යාලයට සේවා වනිතා ඒකකයෙන් නව ගොඩනැගිල්ලක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ රත්නපුර අයගම ප‍්‍රාථමික විද්‍යාලයේ ඉදිකරන ලද නව පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීම ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය විසින් 2017 නොවැම්බර් මස 02 වන දින සිදු කරන ලදී.

2017 වසරේ මැයි මාසයේ ඇතිවූ දරුණු ගංවතුර තත්වය හේතුවෙන් මෙම විද්‍යාලය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ විය. ඒ හේතුවෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සමාජ සත්කාර වැඩසටහනක් ලෙස ආරම්භ කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සුධ සාධක අධ්‍යක්‍ෂකය විසින් අරමුදල් සපයන ලද අතර කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර මගින් මෙහි ඉදිකිරෙීම් කටයුතු සිදු කරන ලදී.

ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකටදෙණිය, කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් මොහාන් බාලසූරිය, කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී ප‍්‍රමිලා සෙනෙවිරත්න මහත්මිය, නිලධාරීන්, සෙසු නිළයන් සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් පපිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.


  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.