ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර සිය 35 වන සංවත්සර දිනය සමරයි

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එච්එන් අබේසිංහ නිළධාරීගේ මගපෙන්වීම යටතේ 2017 නොවැම්බර් මස 11 වන දින සිය 35 වැනි සංවත්සරය සමරනු ලැබීය. මෙම සංවත්සර සැමරුම සදහා කදවුරේ සියලුම නිලධාරීන් සෙසු නිලයන් මෙන්ම සිවිල් කාර්ය මණ්ඩලයද එක්ව සිටියහ.

සැමරීම අතරතුර කි‍්‍රයාන්විත සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් සහ ගුවන් හමුදා සකි‍්‍රය සේවයේ යෙදී සිටින සියලුම සේවා පුද්ගලයන් මෙන්ම සිවිල් කාර්්‍ය මණ්ඩලයටද ආශිර්වා පතා පිරිත් සඡ්ඡායනයක් පවත්වන ලදි.  

තවද අනුරාධපුර කඳවුරේ සියලු නිළයන් නියෝජනය කරමින් 2017 නොවැම්බර් මස 08 වන දින කදවුරු රෝහල් පරිශ‍්‍රයේදී විශේෂ ලේ දන්දීමේ වැඩසටහනක්ද සංවිධානය කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.