රත්මලාන කදවුරේ අංක 2 විනෝද කටයුතු පිලිබද පක්‍ෂාංගය සිය 4 වන සංවත්සරය සමරයි

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 2 විනෝද කටයුතු පිළිබද පක්‍ෂාංගය රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ඊගල්ස් ලේක්සයිඩ් උත්සව ශාලාව සිය 4 වන දින සංවත්සර දින සැමරුම එහි අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්ආර් උඩුකුඹුර නිළධාරීගේ ප‍්‍රධානත්වයෙන් 2017 නොවැම්බර් මස 12 වන සමරනු ලැබීය.  

මීට සමගාමීව 2017 නොවැම්බර් මස 12 වන දින සර්ව රාති‍්‍රක පිරිත් සජ්ජායනයක්  පවත්වන ලද අතර 2017 නොවැම්බර් මස 13 වන දින උත්සව ශාලා පරිශ‍්‍රයේදී පූජ්්‍ය මහා සංඝරත්නය උදෙසා දානය පූජා කරන ලදි.  මෙම අවස්ථාවන් සදහා පක්‍ෂාංගයෙහි කාර්ය මණ්ඩලය රත්මලාන ගුවන් හමුදා කඳවුරු වැඩබලන අණදෙන නිළධාරී ගෲප් කපිතාන් නිහාල් ජයසිංහ නිළධාරීන් සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් සහභාගී වී සිටියහ.

තවද පක්‍ෂාංගයේ කාර්ය මණ්ඩලය සඳහා ඔවුන්ගේ දැනුම වැඩිදියුණු කිරීමට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ වෘත්තීය පුහුණුකරු ප‍්‍රවීන නළුවෙකු වන විල්සන් ගුණරත්න විසින් 2017 නොවැම්බර් 14 වන දින අභිමානනීය දේශනයක්  පවත්වන කරන ලදී.

සංවත්සර දිනය සමරමින් පක්‍ෂාංගයේ සියළුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් රුක් රෝපන වැඩසටහනක් සංවිධානය කල අතර අනතුරුව සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් එක්ව නොවැම්බර් 14 වන දින සැහැල්ලු පන්දු කි‍්‍රකට් තරගාවලියක් සංවිධානය කරන ලදි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.