11 වන ලෝක ආරක්‍ෂක සේවා ගොල්ෆ් ශූරතාව 2017 චීන වරාය ඊගල් ගොල්ෆ් පිටියේදී සාර්ථකව නිමා වෙයි

11 වන ලෝක ආරක්‍ෂක සේවා ගොල්ෆ් ශූරතාවලිය 2017 ශී‍්‍ර ලංකාව ප‍්‍රථම වරට සංවිධානය කරමින් 2017 නොවැම්බර් 17 වන දින සමාප්ත උත්සවය චීන වරාය ඊගල් ගොල්ෆ් ලින්ක් කි‍්‍රඩාංගනයේදී සාර්ථකව අවසන් විය.

ශී‍්‍ර ලංකාව තුළ මෙම තරඟාවලිය පැවැත්වීම සඳහා 2014 දී ආරම්භ කරන ලද අතර වර්තමාන ගුවන් හමුදා ගොල්ෆ් සංගමයේ සභාපති ලෙස ගුවන් හමුදාපතිතුමන් කටයුතු කරන අතර එතුමාගේ නායකත්වය යටතේ මෙම තරගාවලිය සංවිධානය කරන ලදි.

මෙම තරගාවලිය දින 4 කට වැඩි කාලයකදී පවත්වන ලද අතර කුහර 18 ක් ඇතුලත් විය. මෙහිදී තනි විවෘත තරග ජ්‍යෙෂ්ඨ තරඟයක් සහ කණ්ඩායම් තරගයක් ඇතුලත් විය. 11 වන ලෝක ආරක්‍ෂක සේවා ගොල්ෆ් ශූරතාවලිය 2017 පිරිමි සහ කාන්තා සමස්ථ ශූරතාවය මෙවර ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම හිමි කර ගන්නා ලදි.  තවද මෙම තරගාවලිය සදහා සහභාගී වූ දූත මණ්ඩල ප‍්‍රධානීන් සඳහාද තරග සැසියක් පැවැත්විණි.  

තරගාවලිය අවසානවේ සම්මාන ප‍්‍රදානෝත්සවය ඊගල්ස් ගොල්ෆ් ලින්ක්හි බේ වීව් නිවාඩු නිකේතනයේදී එදින සවස සිදු කරන ලදි.

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් ආර් සී විජේගුණරත්න මහතා මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කේවීබී ජයම්පති, නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස් එස් රණසිංහ, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩීඑල්එස් ඩයස්, ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂක සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ගොල්ෆ් සංගමයේ සභාපති  එයාර් වයිස් මාර්ෂල් එස්කේ පතිරණ, අන්තර්ජාතික ආරක්‍ෂක සේවා කි‍්‍රඩා කවුන්සිලයේ ලේකම් කර්නල් ඩෝරා මම්බි කොයිටා,  ගුවන් හමුදාවේ අධ්‍යක්‍ෂක මණ්ඩලය සහ ති‍්‍රවිධ හමුදාවේ ජේ්‍යෂ්ඨ නිළධාරීන් රැසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.
.

See all updates

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.