කටුකුරුන්ද සර්කිට් මීට් - 2017

ශ‍්‍රී ලංකා යතුරු පැදි ධාවකයන්ගේ සමාජය සිය 70 වන සංවත්සරය සමරමින් සංවිධානය කරන ලද මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟයක් 2017 නොවැම්බර් මස 19 වන දින කටුකුරුන්ද රොදර්හැම් ධාවන පථයේදී පවත්වන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

ශ‍්‍රි ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟයන්හි සුවිශේෂී කඩඉමක් සනිටහන් කරමින් දිවයිනේ ප‍්‍රමුඛ පෙලේ මෝටර් රථ හා යතුරු පැදි ධාවකයින් රැුසකගේ සහභාගීත්වයෙන් මෝටර් රථ ධාවන තරඟ 11 කින් සහ යතගුරු පැදි ධාවන තරඟ 11 කින් තරඟාවළිය සමන්විත විය. මෙම තරඟාවළිය සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මෝටර් රේසිං සංචිතයද මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟයන් සඳහා සිය සහභාගීත.්වය ලබාදෙන ලදී. එහිදී නායක ගුවන් භට මධුර පීරිස් සීබීආර් 250 යතුරු පැදි අංශයේ දෙවන ස්ථානය දිනා ගන්නා ලදී.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.