ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්ෂණය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කදවුර කොළඹ

2017 නොවැම්බර් මස 20 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ පරීක්ෂණය අවසන් කිරීමෙන් අනතුරුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති විසින් අද :21* දින කොළඹ ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී.
 
ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන විසින් ගුවන් හමුදාපතිතුමන් කදවුරු පරිශ‍්‍රය වෙත පිලිගනු ලැබීය. අනතුරුව එතුමන් වෙත මාර්ග පෙල කණ්ඩයක් මගින් උත්තමාචාර පුද කරන ලදි.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරේ සියළුම ස්ථාන නිරීක්‍ෂණයට ලක් කල අතර රයිෆල් ගී‍්‍රන් කි‍්‍රඩා පිටියේ අලුතින් ඉදිකරන ලද ලකුණුු පුවරුව විවෘත කිරීමද එතුමන් අතින් සිදු විය.  පරීක්ෂණය අවසන් කිරීමෙන් අනතුරුව කදවුරු වාර්ෂික පරීක්‍ෂණය වෙනුවෙන් කදවුරේ සියළු නිළයන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කල දහවල් භෝජන සංග‍්‍රහය සදහා එක් විය.

පරීක්‍ෂණය අවසානයේ  ගුවන් හමුදාපතිතුමන් විසින් කොළඹ කදවුරේ සහ ගුවන් හමුදා මූලස්ථානයේ සියළු දෙනා අමතමින් කියා සිටියේ කොළඹ කදවුරේ සහ ගුවන් හමුදා මූලස්ථානයේ ප‍්‍රමිතිය උසස් මට්ටමින් පවත්වා ගෙන යාම සදහා දායක වූ සියළුම දෙනා අගය කල අතර ගිය වසරේ පැවැත්වූ කදවුරු වාර්ෂික පරීක්‍ෂණයට වඩා  වැඩි කාර්යයක් ඉටු කිරීමට හැකිවීම ගැන ගුවන් හමුදාපතිතුමාගේ පැසසුම හිමිවිය. ගුවන් හමුදා කොළඹ කඳවුරේ නිරීක්ෂණ අවස්ථාවන්හිදී දැක ගැනීමට හැකිවූ සියලු කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා ඉදිරිපත් වූ සියලු දෙනා හට ගුවන් හමුදාපතිතුමාගේ ප‍්‍රසාදයද හිමි විය.
    
අනතුරුව ගුවන් හමුදාපතිතුමා විසින් කොල්ලුපිටිය  ගුවන් හමුදා නිළධාරී නේවාසික නිවස්න තුම්මුල්ල සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය සහ නිළධාරී නිවස්න නිරීක්‍ෂණය සදහා පිටත්ව යන ලදි.

ගුවන් හමුදාධිපතිතුමා විසින් බත්තරමුල්ලේ පිහිටි ගුවන් හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වූ අතර අනතුරුව එතුමන් විසින් අකුරේගොඩ ඉදිවෙමින් පවතින ආරක්ෂක සේවා මූලස්ථානයේ ඉදිකිරීම්හි ප‍්‍රගතිය  නිරීක්ෂණය කරන ලදි. අවසාන වශයෙන් එතුමන් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා  අනුයුක්ත කර සිටින ගුවන් හමුදා සේවා පුද්ගලයින් සමග අදහස් හුවමාරු කර ගනිමින් ඉදිරි ඉදිකිරීම් සැලසුම් පිළිබඳවද විමසා සිටින ලදි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.