අංක 09 ප‍්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය සහ අංක 07 හෙලිකොප්ටර් බලඝණයේ වාර්ෂික ආගමික උත්සවය

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 07 සහ අංක 09 බලඝණය ඇතුළුව  ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ මියගිය රණවිරුවන් හට ආශිර්වාද පතා වාර්ෂිකව සංවිධානය කරනු ලබන ආගමික උත්සවය 2017 නොවැම්බර් මස 17 වැනිදා සිට 19 දින දක්වා පවත්වන ලදි.
   
උත්සවය ආරම්භ කරමින් 2017 නොවැම්බර් මස 17 වන දින ඉස්ලාමීය ආගමික උත්සවය හතමුන ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදී පැවැත්විනි.

2017 නොවැම්බර් මස 18 වන දින හිගුරක්ගොඩ කදවුරේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් හිගුරක්ගොඩ කි‍්‍රස්ට් ද කිං පල්ලියේ දේව මෙහෙයක් පවත්වන ලදි.

අනතුරුව නොවැම්බර් මස 18 සහ 19 යන දිනවල අංක 09 ප‍්‍රහාරක හෙලිකොප්ටර් බලඝණ පරිශ‍්‍රයේ පූජනීය මහා සංඝරත්නය විසින් සර්ව රාති‍්‍රක පරිත‍්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වූ අතර පසුදින මහා සංඝරත්නය උදෙසා දානය පිරිනමන ලදි. මේ සදහා මියගිය රණවිරු පවුල් සාමාජික සාමාජිකාවන් පිරිසක්ද සහභාගි වී සිටියහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.