අන්තර් ඒකක මේස පන්දු ශූරතාවය

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක මේස පන්දු ශූරතාවය 2017 නොවැම්බර් මස 30 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොලඹ සෞඛ්‍ය කළමණාකරන මද්‍යස්ථානයේදී නිමාවට පත්විය. එහිදී ශූරතාවය දිනා ගැනීමට කොලඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවැරු කණ්ඩායම සමත්කම් දක්වන ලද අතර රත්මලාන කඳවුරු කන්ඩායම අනුශූරතාවය හිමි කර ගන්නා ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී එායර් වයිස් මාර්ෂල් මොහාන් ද සොයිසා, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩල සාමාජිකයින්, ගුවන් හමුදා මේස පන්දු සංචිත සභාපති එයාර් කොමඩෝර් හේමන්ත සොයිසා, නිලධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.