ඉරණමඩු ප‍්‍රදේශයේ පාසල් සිසුන්ට පොත් ප‍්‍රදානය කෙරේ

ඉරණමඩු  ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර මගින් පොත් ප‍්‍රදානය කිරීමේ ප‍්‍රජා සත්කාරක වැඩසටහනක් 2017 නොවැම්බර් මස 29 වන දින සිදු කරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් හර්ෂ නානායක්කාරගේ සහ කඳවුරු සේවා වනිතා ඒකකයේ මගපෙන්වීම සහ පූර්ණ අධීක්‍ෂණය යටතේ කඳවුරේ සියළුම නිළධාරීන් සහ සෙසු නිළයන්ගේ සහභාගීත්වයෙන් මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී.

මෙම ව්‍යාපෘතිය මගින් රාමනාතපුරම් සහ වඩ්ඩකච්චි ප‍්‍රදේශයන්හි අලගාපුරි ප‍්‍රාථමික විද්‍යාලය, රාමනාදපුරම් මහා විද්‍යාලය, කල්මඩු ප‍්‍රාථමික විද්‍යාලය, වඩ්ඩකච්චි දකුණ ජී.ටී.එම්. පාසල, රාමනාදපුරම් ළමානිවාසය ආදී පාසල් සහ ආයතනයන්හි සිසු දරු දැරියන්හට පොත් පත් ප‍්‍රදානය කරන ලදී.

මෙම පොත් පත් කඳවුරේ සේවා පුද්ගලයන්, පරිත්‍යාගහීලීන්  විසින් ලබාදෙන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.