සියැට් ස්ලාඩා සම්මාන රාත‍්‍රියට ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා 2017 සියැට් ස්ලාඩා සම්මාන ප‍්‍රදානෝතසවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.  සම්මාන ප‍්‍රදානය 2017 දෙසැම්බර් මස 01 වන දින බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් උත්සව ශාලාවේදී පවත්වන ලදී.

සම්මාන ප‍්‍රදානය ශ‍්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලදී. 2017 දෙසැම්බර් මස 01 වන දින දක්වා 2017 වසරේ මොටර් ධාවන තරඟ මාලාවන්හි වැඩිම ප‍්‍රසාද ලකුණු ලබාගත් ධාවකයන් සියැට් ස්ලාඩා සම්මාන රාත‍්‍රියේදී සම්මානට පාත‍්‍ර විය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සීපී වැලිකල එයාර් වයිස් මාර්ෂල් එම්ඩබ්ටීඅයි ද සිල්වා සහ නිළධාරීන් ඇතුළු ගුවන් හමුදා සාමාජිකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.