අන්තර් ඒකක එල්ලේ තරගාවලිය 2017

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අනතර් ඒකක එල්ලේ තරගාවලිය 2017 ගුවන් හමුදා කටුනායක කදවුරේදී 2017 දෙසැම්බර් මස 05 වන දින පැවැත්වුණු අතර තරගාවලියේ පිරිමි සහ කාන්තා සමස්ථ ශූරතාවය ගුවන් හමුදා කටුනායක කදවුරු කණ්ඩායම  දිනා ගැනීමට සමත් විය.

මෙම තරගාවලියේ පිරිමි සහ කාන්තා අනුශූරතාවය  ඒකළ වෘත්තීය පුහුණු පාසල  කණ්ඩායම දිනා ගැනීමට සමත්විය.

කටුනායක මූලික කඳවුරු නිළධාරී  එයාර්  වයිස් මාර්ෂල් එම් ඩී ඒ පී පායෝ  ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ශී‍්‍ර ලංකා ගුවන් හමුදා එල්ලේ සංගමයේ සභාපති එයාර් කොමඩෝර් ආර්එච්කේපී රණසිංහ, නිළධාරීන් ඇතුළු සෙසු නිළයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.