ගුවන් හමුදා විශ‍්‍රාමික නිළධාරීන් සඳහා නව නිවාඩු නිකේතන සංකීර්ණයක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විශ‍්‍රාමික නිලධාරීන් සඳහා චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අළුතින් ඉදිකරන ලද නව නිවාඩු නිකේතන සංකීර්ණය විවෘත කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් 2017 දෙසැම්බර් මස 10 වන දින සිදුකරන ලදී. මෙම නිවාඩු නිකේතන සංකීර්ණය ගුවන් හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ඉදිකරන ලදී.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය විසින් ඉතා කෙටි කාලයක් තුළදී මෙහි ඉදිකිරීම් කටයුතු නිම කරන ලදී. මෙම නිවාඩු නිකේතන සංකීර්ණය සියළු පහසුකම්වලින් සම්පූර්ණ වූ එකිනෙකුට වෙන්වූ නාවකාමර සහිත සුකෝපභෝගී කාමර තුනකින්, සියළු උපකරණයන්ගෙන් සමන්විත වූ මුළුතැන්ගෙයකින් සමන්විත වෙයි.

ගුවන් හමුදා ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් කේඑෆ්ආර් ප‍්‍රනාන්දු,සැපයුම් අධ්‍යක්‍සක එයාර් වයිස් මාර්ෂල් එච්එම්එස්කේබී කොටකදෙනිය, පුහුණු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් පීඩීකේටී ජයසිංහ, චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨ පිඨාධිපති එයාර් කොමඩෝර් එච්එස්එස් තුයියකොන්තා, විශ‍්‍රාමික නිළධාරීන් සහ චීනවරාය කඳවුරේ නිළධාරීන් ඇතුළු පිරිසක් ද මේ සඳහා සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.