ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් ශ‍්‍රී ලංකාවේ සංචාරයක

ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් බිරේන්දර් සිං දනෝආ මහතා එතුමන්ගේ බිරිඳ වන කමල්ප‍්‍රිට් මහත්මිය සමගින් ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම සඳහා 2017 දෙසැම්බර් මස 10 වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලදී. ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් සහ එතුමන්ගේ බිරිඳ පිළිගැනීම ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සහ පබාවී ඩයස් මහත්මිය විසින් සිදුකරන ලදී.

මෙම සංචාරය අතරතුරදී යුධ හමුදා සහ නාවික හමුදා මූලස්ථානයන්, බත්තරමුල්ල ඉන්දීය සාම සාධක හමුදා රණවිරු ස්මාරකය, චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය සහ කටුනායක ගුවන් හමුදා කඳවුරෙහි සංචාරය කිරීමට නියමිත වෙයි.

එසේම ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් ඇතුළු පිරිස අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමන් , රාජ්‍ය ආරක්‍සක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමන්, ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහ ත‍්‍රිවිධ හමුදාධිපතිවරුන් මුණ ගැනසීමටද නියමිත වේ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.