ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ‍්‍රී ලංකාවේ සංචාරයක නියුතු ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් බිරේන්දර් සිං දනෝආ මහතා 2017 දෙසැම්බර් මස 11 වන දින උදෑසන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.

ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථනය වෙත පිළිගැනීම කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන විසින් පිළිගන්නා ලදී. අනතුරුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ පක්‍ෂාංගය විසින් උත්තමාචාර පෙළපාලියක්ද සිදුකරන ලදී.

එසේම ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී සහ ගුවන් හමුදා අධක්‍ෂ්‍යක මණ්ඩලයේ සමාජික සාමාජිකාවන් හමුවුණු අතර අනතුරුව, ගුවන් හමුදාධිපතිවරුන් දෙපල අතර සමරු ඵලක හුවමාරු කිරීමක්ද සිදු කරන ලදී.

අනතුරුව ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරන විසින් මෙහෙයවන ලද ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් ක‍්‍රම පිළිබඳව දේශනය සඳහා සහභාගී විය.මේ සඳහා සංචාරක ඉන්දීය ධූත කණ්ඩායමේ නිළධාරීන්, ගුවන් හමුදා අද්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සහ ගුවන් හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිළධාරීන් පිරිසක්ද සහභාගී වූහ. දේශනය ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.