ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් අග‍්‍රාමාත්‍යතුමන් හමුවෙයි

ශ‍්‍රි ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් බිරේන්දර් සිං දනොආ මහතා සහ අග‍්‍රාමාත්‍ය ගරු රනිල් වික‍්‍රමසිංහ මැතිතුමන් අතර හමුවක් 2017 දෙසැම්බර් මස 11 වන දින අරලියගහමන්දිරයේදී පවත්වන ලදී.

මෙහිදී ද්විපාර්ශවීය වශයෙන් වැදගත් වූ කරුණු රාශියක් සාකච්ඡුාවට ලක්කරන ලදී.

මෙම හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.