ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී ජනාධිපතිතුමන් හමුවේ

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් බර්සන්ඩර් සිං දානෝඅ මහතා 2017 දෙසැම්බර් 12 දින ජනාධිපති මන්දිරයේ සංචාරයක නිරත වෙමින් අති ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. මෙම අවස්ථාව සදහාගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් කපිල ජයම්පති මහතාද සහභාගී විය.

මෙහිදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත්වන කරුණු රාශියක් සාකච්ඡා කෙරිණි.

මෙම නිල සංචාරය සිහිවීම පිණිස  ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී  සහ අති ගරු ජනාධිපතිතුමන් අතර සමරු තිළිණයක්ද හුවමාරු කර ගන්නා ලදි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.