ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාදි ප්‍රධානෝත්සවය - 2017

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලයේ 7 වන පොදු උපාදි ප්‍රධානෝත්සවය 2017 දෙසැම්බර් මස 12 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය.

මෙම අවස්ථාවට විදේශ නියෝජිතයින්, කැබිනට් අමාත්‍යවරුන්, ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, කුලපති, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති, ආරක‍ෂක විශ්ව විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය,  ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, හමුදා හා සිවිල් උපාධිධාරීන්, මෙන්ම උපාදිලාභීන්ගේ දෙමාපියන් සහ ඔවුන්ගේ ඥාතීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම වසරේ උපාධි ප්‍රදානෝත්සවයේ පීඨ 9 ක උපාදිලාභී ශිෂ්‍යයන් 1063 දෙනෙක් උපාධි ලබා ගන්නා ලදි. මෙම උපාධි ප්‍රදානෝත්සවයේදී එක් ආචාර්‍ය උපාදියක්, විශාරද උපාදි  සහ පශ්චාත් ඩිප්ලෝමා උපාධි  963 සහ ප්‍රාථමික උපාධි 963 ක්  පිරිනමන ලදි.

2017 වසරේදී පොදු උපාධි ප්‍රධානෝත්සවයේ සම්මාන ලාභීන් පහත සඳහන් පරිදි වේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හොඳම ශිෂ්‍ය නිලධාරියා

නියමු නිළධාරි අයිඒඩීපීයූ පද්ම කුමාර

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හොඳම ශිෂ්‍ය නිලධාරියා
උප ලුතිනන් ටීඅයිඑස් ප්‍රේමරත්න

ශ්‍රී ලංකා යුද හමුදාවේ හොඳම ශිෂ්‍ය නිලධාරියා
දෙවන ලුතිනන් ආර්එම්එල්එල් රත්නායක

කුසලතා සටහනේ ප්‍රථමයා
විශාරද එම්එස්ඩී ද සිල්වා

ගෞරවයේ කඩුව දිනා ගත් ශිෂ්‍යයා
උප ලුතිනන් කේකේඑල්එම් දර්ශන

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.