ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම 2017 තරුණ සේවා - රූපවාහිනී වොලිබෝල් ශූරතාවය දිනයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම විසින් 2017 තරුණ සේවා - රූපවාහිනී වොලිබෝල් තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට පසුගියදා සමත්කම් දක්වන ලදී. අවසන් මහා තරඟ 2017 දෙසැම්බර් මස 16 වන දින මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක‍්‍රිඩාගාරයේදී පවත්වන ලදී. එසේම, ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි වොලිබෝල් කණ්ඩායම තරඟාවළියේ තුන්වන සිථානය දිනා ගන්නා ලදී.

කාන්තා අවසන් මහා තරඟයේදී ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව විසින් ශ‍්‍රී ලංකා නාවික හමුදාව තරඟ වට 3-0 (27-25, 25-23 සහ 34-32* ක් ලෙස පරාජයට පත්කරමින් ශූරතාවයට හිමිකම් කියන ලදී.

ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමන් ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ත්‍යාග ප‍්‍රදානෝත්සවය සඳහා සහභාගී විය. ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලියනගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.