මැලේසියා අග‍්‍රාමාත්‍යතුමන්ට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා උත්තමාචාර

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අග‍්‍රාමාත්‍ය ගරු නජිබ් රසාක් මැතිතුමන් පිලිගැනීම ජනාධිපති ලේකම් කාර්යාල භූමියේදී අද දින (2017 දෙසැම්බර් මස 18) සිදුකරන ලදී. එහිදී ගුවන් හමුදා වර්ණ පක්‍ෂාංගය විසින් ගරු අග්‍රාමාත්‍ය තුමන් හට උත්තමාචාර පිදීමක්ද සිදු කරන ලදී.

මෙහිදී  මැලේසියා අග‍්‍රාමාත්‍ය ගරු නජිබ් රසාක් මැතිතුමන් පිලිගැනීම ශ‍්‍රිී ලංකා ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් සිදු කරන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා  ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ පක්‍ෂාංගය විසින් සිදු කරන ලද උත්තමාචාර පෙළපාලිය සඳහා ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එල්එම් මයුරංග විසින් අණදෙන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.