ගුවන් ආරක්‍ෂණ පෝස්ටර් තරඟයේ ජයග‍්‍රාහකයින්ට ත්‍යාග ප‍්‍රදානය සහ ඊ-සඟරාව එළි දැක්වීම

ගුවන් ආරක්‍ෂණ ඊ-සඟරාව දෙවන කලාපය එළිදැක්වීම සහ 2017 ගුවන් ආරක්‍ෂණ පෝස්ටර් තරඟයේ ජයග‍්‍රාහකයින්ට ත්‍යාග ප‍්‍රදානය කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමා විසින් අද (2017 දෙසැම්බර් මස 20) දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විධායක ගුවන් ආරක්‍ෂණ පරීක්‍සණ ඒකක විසින් සංවිධානය කරන ලදී.

මෙහිදී ගුවන් ආරක්‍ෂණ පෝස්ටර් තරඟාවළියේ පළමු ස්ථානය සහ රු10000.00 ත්‍යාග මුදල කෝප‍්‍රල් ප‍්‍රදීප් කුමාර පීජීඅයි විසින් දිනාගත් අතර දෙවන ස්ථානය සහ රු 7500.00 ත්‍යාග මුදල සැරයන් ජයශාන්ත ආර්ඩීආර් විසින් දිනා ගන්නා ලදී. නායක ගුවන් භට යාපා වයිඑම්ඒඑස්බී විසින් තුන්වන ස්ථානය සහරු. 5000.00 ක ත්‍යාග මුලද දිනා ගන්නා ලදී.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, විධායක ගුවන් ආරක්‍ෂණ නිළධාරී එයාර් කොමඩෝර් ආර් පී ලියනගමගේ ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



ඊ-සඟරාව එළි දැක්වීම


ඊ සඟරාව නැරඹීම සඳහා 



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.