22 වන ගුවන් ලක් සෙවන නිවස ප‍්‍රදානය කෙරේ

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ක‍්‍රියාත්මක ”ගුවන් ලක් සෙවන” නිවාස ව්‍යාපෘතිය යටතේ අළුතින් ඉදිකරන ලද නව නිවසක් R/11795 කෝප‍්‍රල් විජේරත්න ආර්ඩී (ලිපිකරු සහායක) හට ප‍්‍රදානය කරන ලදී. මෙම නිවස ප‍්‍රදානය කිරීමේ උත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් 2017 දෙසැම්බර් මස 21 වන දින පිලැස්ස  ප‍්‍රදේශයේදී සිදු කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සපයනු ලැබූ අතර ඉදිකිරීම් කටයුතු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් සිදු කරන ලදී. සමස්ත ව්‍යාපෘතිය ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මැතිණිය, ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ජූඩ් පෙරේරා, නිළධාරීන්, සෙසු නිළයන් සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් ඇතුළු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.