බෝම්බ නිෂ්ක‍්‍රිය කිරීමේ මූලික පාඨමාලාවන් සඳහා නිළ ලාංඡන පැළඳවීම පාලවිය ගුවන් හමුදා කඳවුරේදී සිදු කෙරේ

පාලවිය ගුවන් හමුදා බෝම්බ නිෂ්ක‍්‍රීය කිරීමේ පුහුණු පාසලේ බෝම්බ නිෂ්ක‍්‍රීය කිරීමේ මූලික පුහුණු පාඨමාලාව හැදෑරූ 34 වන නිලධාරී පුහුණු පාධමාලාව, 49 වන ගුවන් භට පාඨමාලාව, 09 වන ගුවන් කාන්තා පාඨමාලාව සහ 25 වන නාවික හමුදා පාඨමාලාවන් සඳහා නිළ ලාංඡන පැළඳවීම 2017 දෙසැම්බර් මස 22 වන දින පාලවිය ගුවන් හමුදා කඳවුරු පෙළපාලි භූමියේදී සිදු කරන ලදී. ගුවන් හමුදා නියෝජ්‍ය මෙහෙයුම් භූමි අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ඩබ්එල්ආර්පී රොද‍්‍රිගො ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

ගුවන් හමුදා නිළධාරීන් 04 දෙනෙකු, නාවික හමුදා නිලධාරීන් 02 කු, ගුවන් භටයින් 26 දෙනෙකු, ගුවන් කාන්තාවන් 02කු සහ නාවිකයන් 04 ගෙන් සමන්විත වූ මෙම පාඨමාලාවන් හැදෑරූ 38 දෙනෙකු වෙත නිල ලාංඡන පැළඳවීම මෙහිදී සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.