දකුණු සුඩානයේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලගණයේ උසස් මට්ටමේ අධීක්‍ෂණ සංචාරයක්

දකුනු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ උසස් මට්ටමේ අධීක්‍ෂණ සංචාරයක් පසුගිය 2017 දෙසැම්බර් මස 16 සිට 20 වන දින දක්වා ගුවන් හමුදා ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් කේඑෆ්ආර් ප‍්‍රනාන්දු විසින් සිදු කරන ලදී. මෙහිදී ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්‍ෂක තුමන් බලඝණ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් කේඒපීඑස් කුරුවිට විසින් පිළිගනු ලැබූ අතර ගෲප් කැප්ටන් ඩීඩබ්ආර් ජයවර්ධන විසින් බෝර් ගුවන් තොටුපලින් පිළිගැනීම සහ ගුවන් හමදා බලඝණය වෙත පැමිණෙන තෙක් ආරක්‍ෂාව සපයන ලදී. මෙහිදී මාර්ග පෙළ ඛණ්ඩයකත් මගින් අධ්‍යක්‍ෂකතුමන් වෙත ආචාර පුද කර සිටි අතර පැමිණිම සනිටුහන් කරමින් බලඝණයේ අළුතින් ඉදිකරන ලද පිවිසුම් දොරටුව විවෘත කිරීම අධ්‍යක්‍ෂක තුමන් විසින් සිදු කරන ලදී. අනතුරුව බළඇණි අණදෙන නිලධාරීතුමන් විසින් බලඇණියේ කාර්ය භාරය පිළිබඳව විස්තර කරන ලදී.

පසුදින, අධ්‍යක්‍ෂක තුමන් විසින් ශ‍්‍රී ලංකා  ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඇණියේ සියළුම අංශයන් පරීක්‍ෂාවට ලක්කල අතර බෝර් ගුවන් තොටුපලේ අළුතින් ඉදිකරන ලද ගුවන් යානා අංගනයද පරීක්‍ෂා කරන ලදී. බෝර් ගුවන් තොටුපලේ පිහිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් අංගනයේ සංචාරය අතරතුරදී ගුවන් හමුදා ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්‍ෂක තුමන් ඉන්දියානු බලඇණිය, කොරියානු යාන්ත‍්‍රික ඉංජිනේරු බලඇණිය, ඉතියෝපියානු බලඇණිය, නේපාල පොලිස් ඒකකය සහ ශ‍්‍රී ලංකා යුධ හමුදා බලඇණි දෙවන මට්ටමේ රෝහල යන රටවල බලඇණි ප‍්‍රධානීන් හමුවිය.

හමුදා ප‍්‍රධානී සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සහය මෙහෙයුම් අධ්‍යක්‍ෂක සමග හමුවකින් අනතුරුව 2017 දෙසැම්බර් මස 20 වන දින මෙම සංචාරය අවසන් කරන ලදී.


  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.